https://www.gossiplankanews.com/2019/12/champika-ranawaka-released-on-bail.html#more
නතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (24) දහවල් අධිකරණය මගින්
ඇප මත මුදා හැර තිබෙයි.
 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හරින ලෙසටයි.
 සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාශය

හමුවේ පෙනී සිටින ලෙසටද දන්වා ඇත.
 පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හට බලපෑම් නොකරන්නැයි අවවාදයක්ද කර තිබේ.
රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ "එම්" වාට්ටුවේදී නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීම හැරුණු විට හිටපු අමාත්‍යවරයා වෙනත් ඉල්ලීම් නොකළ බවද කියැවිණි.පොත්පත් හා දිනපතා සතිපතා පුවත්පත් කියවමින් විවේකීව ගත කරමින් සිටි බවත් වෙනත් ඇමතිවරුන් මෙන් රෝහල් ගතවීමට අයදුම් නොකළ බවත් වාර්තාවී තිබුණි.
රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්‍යයක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා  යටතේ  සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා මේ වනවිට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.