https://www.gossiplankanews.com/2019/12/5hrs-bus-stop-due-to-funeral.html
ම්බලන්ගොඩ ඌරමත්ත ප්‍රදේශයේ සිදුවූ ත්‍රිරෝද රථ පෞද්ගලික බස් රථ අනතුරේදී බරපතළ තුවාල ලබා සිටියදී මියගිය ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකළ 8 දා සවස ගාලුකොළඹ මාර්ගයේ බළපිටිය නගරය පසුකර ධාවනය වන දුර ගමන් සේවා බස්
රථ පැය පහකට ආසන්න කාලයක්

නතරකර තැබිමට අම්බලන්ගොඩ පොලිසිය ක්‍රියා කළේය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම අනතුරෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රසාති රෝමනි යන අයගේ සැමියා වන 41ක් හැවිරිදි රදිප කුමාර ද සිල්වා යනො අය බව පොලිසිය කීය.
දුර ගමන් සේවා බස් රථවලට පහර දෙතැයි යන සැකය මත අවමගුල් කටයුතු අවසන් වනතුරු එම බස් රථ ගාලු කොළඹ මාර්ගයේ බළපිටිය ප්‍රදේශය හරහා ධාවනය නොකරවීමට ක්‍රියා කළ බව අම්බලන්ගොඩ පොලිසිය කිය. අම්බලන්ගාඩ ඌරවත්ත ප්‍රදේශයේදී පසුගිය 2 වැනිදා මෙම අනතුර සිදුවූ අතර එහිදී මව සහ දියණියන් දෙදෙනා මියගිය අතර කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පියා ද මියගියේය. අවමගුල් කටයුතු අවසන් වනතුරු අම්බලන්ගොඩ පොලිසිය ප්‍රදේශයේ සාමය රැකගැනීමට පියවර ගෙන තිබුණි.මේ අනුව මෙම අනතුරෙන් එකම පවුලේ හතරදෙනකු මියගොස් ඇති බවත් වැඩිදුර පරික්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.


-හේමන්ත ද සිල්වා-