https://www.gossiplankanews.com/2019/12/54-bus-polonnaruwa-flood.html
අද(21) අළුයම පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටු වී සිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී මුදාගත් බව
පොලොන්නරුව පොලීසිය පැවසුවා.

මගීන් රැගත් මෙම බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබෙනවා.
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බවයි පොලිසිය කියා සිටියේ.
බස් රථය තුල ගංවතුරට කොටුවී සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් මූලිකව ක්‍රියාකර තිබෙනවා.
මේ අතර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 න් 08ක් අඩිදෙකක් දක්වා අද (21) විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීන් සඳහන් කළා.