කැළිකසල වලින් තොර පිරිසිදු පරිසරයක් සහිත රටක් ගොඩනැගීම සඳහා සියලුම ප්‍රවාහන මධ්‍යස්ථාන
කැලිකසළවලින් තොර ස්ථාන බවට

පත් කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාර මගින් පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ.

ඒ අනුව යමින් ජාතික ගමනාගමන කොමිසම විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද දින (21) කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් රථ නැවතුම් පොළේ පැවැත්විනි. ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසමට සම්බන්ධ නිලධාරින් හා සේවක සේවිකාවන් සහභාගි වී සිටියහ.