මඩකළපුව, මාවඩ්ඩි ප්‍රදේශයේ ඇතිවී තිබෙන හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කොටුවී සිටින පුද්ගලයින් 26 දෙනෙකු මුදවා ගැනීම සඳහා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක් දියත් කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.


ගංවතුරට කොටුවී සිටින පුද්ගලයින් තිදෙනෙකු ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් ගලවා ගෙන ඇති අතර එම මෙහෙයුම දිගටම සිදුවන බවයි ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කලේ.

මේ අතර ගංවතුර තත්ත්වයන් ඇතිවී තිබෙන ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට සහ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් අදාළ ස්ථාන කරා පිටත් කර යවා ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කලේ.