https://www.gossiplankanews.com/2019/12/2019-cricket-awards.html
ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවගේ වසරේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 'ක්‍රිකටි සම්මාන රාත්‍රිය" කොළඹ වෝටර්ස් ඒජ් හිදී පෙරේදා (03දා) රාත්‍රියේ පැවැත්විණි. මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ චමරි අතපත්තු විසිනි. කෙසේ නමුත්
වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සඳහා සම්මානය පිරිනොනැමුණු අතර, ඊට හේතු වී ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩකයන් දස්කම් දක්වා නොතිබීමයි. වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු, වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය, වසරේ දක්‍ෂතම එක්දින තුන් ඉරීයව් ක්‍රීඩිකාව සහ වසරේ දක්‍ෂතම විස්සයි 20 පිතිකාරීනිය

යන සම්මාන දිනා ගත්තාය. කෙසේ නමුත් ඇය මේ වන විට ඔස්ටේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා දිවයිනෙන් පිටව සිටින හෙයින් සම්මාන උත්සවයට සහභාගි වීමට නොහැකි විය.


එමෙන්ම නැගී එන ක්‍රීඩක සම්මානය දිනාගත් පැතුම් නිස්සංකටද සිය සම්මානය ලබා ගැනීම සඳහා නොපැමිණා අතර, ඔහුද සාග් ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම සඳහා මේ වන විට නේපාලයට ගොස් සිටියි.  2018 වසරේ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ දක්‍ෂතා ඇගැයීම අරමුණු කර ගනිමින් මෙම සම්මාන උළෙල පැවැත්විණි. එහිදී ජාත්‍යන්තර අංශය යටතේ සම්මාන 17ක් පිරිනැමුණි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද විශිෂ්ටතම සේවාව අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ඇගයීම් සම්මානයෙන් ඩේලී මිරර් පුවත්පතේ ශාමිල් අමිටි සහ හිටපු ප්‍රවීණ විස්තර විචාරකයකු වන කමල් දේශප්‍රිය යන මහත්වරු පිදුම් ලැබූහ.