පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කිසිදු ඉඩක් ලබානොදෙන මෙරට ස්වීස් තානාපති කාර්යාලය ඊට අදාළ විමර්ශනවලට සහය ලබාදෙනවා යැයි කියන්නේ මෙරට නොමග යැවීමට බව ජාතික ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත්
කරමින් කියා සිටියි. එම කමිටුවේ සම සභාපතිවරුන් වන ලුතිනන් කර්නල් අනිල් අමරසේකර සහ නීතිඥ ජී.බී. මකොටකදෙණිය යන මහත්වරුන්ගේ අත්සන් සහිතව නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාවෙි ස්විස් කානාපති කාර්යාලය සහ ස්විට්සලන්ත රජය විසින් නිශාන්ත කන්දප්පා නම් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනයුක්තව සිටි රජයේ නිලධාරියකුට ශ්‍රී ලංකාව හැරයාමට පහසුකම් සැපයීම සහ ඔහුට එම රාජ්‍යයේ රැකවරණය ලබාදීමට කටයුතු කිරිම ජාතික ඒකාබද්ධ කමිටුව තරයේ හෙළා දකි.

මෙම හිතුවක්කාර සහ නිතී විරෝධී ක්‍රියාව පිටුපස ස්විට්සර්ලන්ත රජය සිටින බව අනාවරණය වූ වහාම එය සැඟවීමේ අදහසින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් හදුනා නොගත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ස්විටිසර්ලන්න නානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් පැය 
දෙකක් රඳවා තබාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ. මෙම තත්ත්වය යටතේ පැහැර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන දේශීය සේවිකාවක යැයි කියනු ලබන මෙම නිලධාරිනියගේ  අනන්‍යතාව හෙළි කරන ලෙස ශ්‍රී ලංකා රංය විසින් ඉල්ලා සිටි නමුත් ස්විට්සර්ලන්ත රජය මෙම නිලධාරිනියගේ අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද කිසිදු ඉඩක් ලබා නොදී ඔවුහු විමර්ශනයට සහයෝගය දක්වන බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරති. මෙයට පැහැදිලි හේතුව ස්විසෙර්ලන්ත රජයේ නීතිවිරෝධී හැසිරිම එවැනි විමර්ශනයකින් හෙළිවීමය.

1996 අංක 9 දරන රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පනත මගින් ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 38 (2) වගන්තියේ සඳහන් වන්නේ, "තානාපති දූත මෙහෙවරෙහි යෙදෙන භාරගන්නා රාජ්‍යයේ පුරවැසියන් හෝ ස්ථිරවීමට පදිංචිකරුවන්ට වරප්‍රසාද සහ මුක්තිය ලැබිය හැක්කේ බාරගන්නා රජය විසින් පිළිගත් ප්‍රමාණයට පමණක් බවය.” එකී පනතේ 2 (5) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයන්හි සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ලබාදිමක් කර නොමැත. මේ අනුව මෙම සේවකයාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉල්ලා සිටිය නොහැකිය. රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් නොමැති තම සේවකයකුට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරිම මගින් ස්විට්සර්ලන්ත රජය කරන ලද මෙම හිතුවක්කාර ක්‍රියාව නීතිවිරෝධී වනවා පමණක් නොව, ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරිභාවයට කරන ලද තදබල නිග්‍රහයකි.

ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව  ස්විට්සර්ලන්ත රජය විසින් මෙම සේවකයා ගුවන් ගිලන් රථයකින් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයාමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ "ඇයගේ සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහෙමින් පවතී” යන ව්‍යාජ පදනම මතය. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ "සෞඛ්‍යය වේගයෙන් පිරිහීමක්” සිදුවන්නේ නම් ඇයගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසි වෛද්‍ය ආධාර ලබාදීම ස්විට්සර්ලන්න රජයේ වගකීමක් නොව, එය ශ්‍රී ලංකා රජයේ වගකීමක් බව ස්විට්සර්ලන්න රජයට මතක් කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකා රජයට සිය පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමට  සම්ර්පූණ හැකියාව ඇති බවද සඳහන් කිරිම යෝග්‍යයය. වෙනත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත මෙම සේවිකාව ඇගේ කැමැත්තට එරෙහිව
ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරිමට ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් පවතී. එබැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාදීමට පෙර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාම සඳහා වන මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මෙම සේවිකාවගේ ඉල්ලීමක්ම බවට සෑහිමකට පත්වීමට ශ්‍රී ලංකා රජය වගබලාගත යුතුය.

අපරාධයක් පිළිබඳව විමර්ෂනය කරන පොලිස් නිලධාරීන්ට බාධා කිරීම මේ රටේ අපරාධ නීතිය උල්ලංඝණය කිරීමක් වන බව ස්විට්සර්ලන්ත රජයට මතක් කර සිටින අතර, ස්විට්සර්ලන්ත නානාපති කාර්යාලයේ රාජ්‍ය කෘන්ත්‍රික නියෝජිතයින්ට ලබාදී ඇති රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය මේ රටේ අපරාධ නීතිය කඩ කිරිමට දෙන අවසරයක් නොවන බවත් ස්විටිසලන්න රජයට මතක් කළ යුතුය. මෙම සේවකයාගේ අනන්‍යනාව යටපත් කිරිමේ හේතුව ස්විටිසර්ලන්ත රජයෙන් දැන ගැනීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් ඇත. මෙම සේවකයාගේ අනන්‍යතාව වසන් කිරීමට හේතුව එකී පැහැරගෙන යෑමට වගකිව යුතු පාර්ශ්වය ශ්‍රී ලංකා රජය බවට කරන චෝදනාවක් නම් එවැනි චෝදනාවකට සම්බන්ධව සාක්ෂි තිබේද යන්න ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුව ඇත. එවැනි චෝදනාවක් එල්ල වුවහොත් එවැනි පැමිණිල්ලක් විභාග කිරීම ශ්‍රී ලංකා රජයේ යුතුකමයි. ශ්‍රී ලංකා රජයට තම  පුරවැසියන් කෙරෙහි ඇති වගකීම ඉටුකිරිමට කිසිදු හේතුවක් නිසා වැළැක්වීම නොකළ යුතුව ඇත.

මෙම සමස්ත නාට්‍යය ස්විට්සර්ලන්ත රජයේ නිතිවිරෝධි ක්‍රියාව වසන් කිරීම සහ විශේෂයෙන් 2020 මාර්තු මාසයේදී ජිනීවා සැසිවාරය පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීම බව පැහැදිලිය. ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් අනන්‍යනාව  හෙළි නොකළ සාක්ෂිකරුවන්ගේ ඊනියා සාක්ෂි, 2015 සැප්තැම්බර් 16 දිනැති "මානව හිමිකම් සඳහා මහ කොමන්සාරිස් කාර්යාලය' (OHCHR) හි කුප්‍රකට චාරිකාව සඳහා පාදක කරගෙන ඇති බව ජාතික ඒකාබද්ධ කමිටුවේ සඳහන් කරන්නේ ඉතා කණගාටුවෙනි.

විවිධ රාජ්‍යයවල නියමයන්ට අනුකූලව කටයුතු කිරිමට අකමැති ස්වෛරි රටවලට හිරිහැර කිරිමට හා බොරු චෝදනා කිරීමට එක්සන් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කිරීම අවාසනාවකි. මෙම අසත්‍ය චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති නිසා ඔවුන් අනුගමනය කරන නවතම උපක්‍රමය නම් ඊනියා වින්දිතයන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ව්‍යාජ සාක්ෂිකරුවන්ගේ අසත්‍ය චෝදනා පදනම් කරගෙන රටවලට එරෙහිව පියවර ගැනීමය. රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමිකළ හැකි මිත්‍ර රටක් ලෙස ස්විට්සර්ලන්තය තවදුරටත් සැලකිය හැකිද යන්න ශ්‍රී ලංකා රජය නැවත සිතා බැලිය යුතුය.