https://www.gossiplankanews.com/2019/12/12hr-ajith-prasanna-protest.html
කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැය 12 කට ආසන්න කාලයක් තනි පුද්ගල උද්ඝෝෂණයක් ආරම්භ කර තිබුණි. පැහැර ගැනීමට ලක්වූ කියන තානාපති කාර්යාලයේ නිලධාරිනියට වහාම පොලිසියට කටඋත්තරයක් ලබා දෙන්නැයි බල කරන බව කියමින් 
උද්ඝෝෂණයේ නිරතවූයේ නීතිඥ අජිත් ප්‍රසන්න

මහතාය.ඔහු මෙම සිදුවීමට මැදිහත්වන්නට හේතුවන්නට ඇත්තේ රණවිරුවන් වෙනුවෙන් යයි උපකල්පණය කළ හැකිය. රහස් පොලිස් නිලධාරි නිශාන්ත සිල්වා රටින් පිටව යාමේ සිද්ධිය ඇමති විමල් හඳුන්වා තිබුනේ රණවිරු දඩයමේ යෙදුණ නිශාන්ත නව ආණ්ඩුව යටතේ වරදට හසුවේ යයි බියෙන් රටින් පළාගියා යනුවෙනි.
කෙසේ වෙතත්  අජිත් ප්‍රසන්න මහතාගේ උපවාසය පැය 12 ක් ගතවූ පසුව ඊයේ රාත්‍රී 11 ට පමණ අවසන් කර තිබේ.පුජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුව උපවාසය මෙලෙස අත්හැර තිබෙන බව වාර්තා විය.
(අතුරලියේ රතන හිමියන් මින් ඉහත මෛත්‍රී රජය යටතේ අවසන් කාලයේ උපවාස කිහිපයක යෙදී අත්දැකීම් ඇති හිමි නමකි.)
උපවාසය අත්හරින ලද අජිත් ප්‍රසන්න අනතුරුව බත්තරමුල්ලේ කොත්තු කඩයකට ගොඩවැදී කොත්තු කෑ බව ඔහු විසින්ම සිය මුහුණුපොතට සටහනක් එක්කරමින් දන්වා සිටියේය.
Face Book උපුටාගැනීම්