මෙම වසරේ (2019) ගතවූ මාස 11 තුළදී දිවයිනෙන්ම
ඩෙංගු රෝගීන් 75,000 ක් වාර්තා
වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අරුණ ජයසේකර මහතා පැවසීය.

එසේම මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 93 ක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එය සියයට 40 ක් බවත් ඒ මහතා කීය.

මීට අමතරව ඩෙංගු රෝගීන් වැඩිම පිිරිසක් වාර්තා වනුයේ උතුරු- නැගෙනහිර පළාත්වලින් බවද හෙතෙම කීය.

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ප‍්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් තම නිවාස, පරිශ‍්‍ර නිරතුරුවම පවිත‍්‍රව තබාගන්නා ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්