https://www.gossiplankanews.com/2019/11/thanamalwila-incident.html#more
ණමල්විල - වැල්ලවාය මාර්ගයේ ආරියසිරි හංදිය අසලදී ඊයේ (28) අලුයම සිදුවූ රිය අනතුරකින් දෙහැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.  බුලත්සිංහල එක්ගල්ඔය කිතුහේන ප්‍රදේශයේ පදිංචි පන්නිලගේ අනුජ දුල්සඳ නමැති දරුවකු මෙලෙස ජීවිතක්ෂයට
පත්වී ඇත. මියගිය අනුජ දුල්සඳ දරුවාගේ දෙවැනි උපන් දිනය යෙදී ඇත්තේ ඊයේ (28) දිනට බවත් ඒ නිමිත්තෙන් හඳපානාගල ළමා නිවාසයේ දරුවන්ට දානයක් දීම සඳහා අනුජ දුල්සඳගේ පියාත් මවත් ආච්චි අම්මාත් ඥාති සහෝදරයකුත් මෝටර් රථයකින් කුකුරම්පොල ප්‍රදේශයේ නිවසකට යමින් සිටියදී

අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථය පැදවූ දුල්සඳගේ පියාට නින්දයාම නිසා මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් විදුලි කණුවක ගැටී ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.අනතුර සිදුවන අවස්ථාවේ මියගිය දරුවා අම්මාගේ උකුලේ සිටි බවත් මෝටර් රථය විදුලි කණුවේ ගැටෙනවාත් සමඟම මවගේ ග්‍රහණයෙන් මිදුණු දරුවා විසිවී මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුරෙන් තුවාල ලැබූ පියා සහ අත්තම්මා සහ දුල්සඳ වැල්ලවාය මූලික රෝහලට ඇතළත් කර ඇති අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහලට මාරුකිරිමෙන් පසු අනුජ දුල්සඳ දරුවා මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනෙක් තුවාලකරුවෝ දෙදෙනා සුළු තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවයි. දරුවාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරික්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව නිබිණි.