රාජ්‍ය සේවයේ දායකත්ව විශ්‍රාම වැටුප වෙනවට පියාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.

පැවති විශ්‍රාම වැටුප අහෝසි කොට රාජයට එක්වන නායකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතිකරන්නට පැවැති රජය කටයුතු කළ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති පොරොන්දු අනුව විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කීය.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභා පත්කිරීමට ද කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා සේවා ව්‍යාවස්ථා නැති ආයතනවලට සේවා ව්‍යවස්ථා සකස් කරන බව ද කියා සිටියේය.

මේ අතර මානව් සම්පත් වර්ධනය සඳහා වන කාරක සභා පත් කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක කම්කරු සංවිධානය වැනි ආයතෙනවල උපකාර ලබාගෙන එම කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අල්ලස් දූෂණ, වංචා නැති රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කරන බව කාර්යක්ෂමතාව ඵලදායිතාව වැඩිකිරීමට පියවර ගන්නා බවින් සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ඊයේ (28) වැඩ භාරගත් අවස්ථාවේ පැමිණ සිටි මාධ්‍යවේදින් අමතමිනි.

විනීතා එම්. ගමගේ