https://www.gossiplankanews.com/2019/11/sajith-people-after-defeat.html
ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිරිකොත භූමියේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද එයට ඉඩ ලැබී නැති අතර එතැනට පැමිණි මාධ්‍යවේදීන්ට දන්වා
ඇත්තේ තැන මාරු කර ඇති බවයි.
ඒ අනුව කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ඔහුගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සජිත් ගිය අතර ඔහු එහිදී මාධ්‍යවේදීන් මෙන්ම ජනතාව මුණ ගැසී තිබේ.
ඔහුගේ පාක්ෂිකයන් පෝලිමේ ඇවිත් අතින්

අල්ලා ඔහු සමග පරාජයේ දුක බෙදා ගනිමින් සිටි බව වාර්තා වේ (ඡායාරූප)අනේ අපව තනි කර යන්න එපා. ඔබ තුමාවමයි අපට ඕනෑ.. ඇතැමුන් කියනු පෙනිණි.
සජිත් ප්‍රේමදාස මහතා හා ජලනි මේසයක් අසළ පුටුවවල හිඳගෙන සිටින අතර ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ආසන්නයේ අසුන්ගෙන සිටින අයුරුද ෙපනිණි.
තව නොබෝ වේලාවකින් ඔහු මාධ්‍ය හමුවක් පවත්වා පක්ෂයේ ඉදිරි නායකත්වය ගැන කතාකරන බව වාර්තාවේ.
මේ වනවිට එජාපයේ කොටස් දෙකක් ලෙස බෙදී මාධ්‍ය හමු පවත්වන අයුරු දැකගන්නට ලැබේ.සජිත්ට පක්ෂ නායකත්වය ලබාදීම හා විපක්ෂ නායක කිරීම එක් කොටසකගේ අරමුණයි. අනෙක් කොටස ඊට විරුද්ධය.