පාකිස්තානයේ සංචාරයක නිරතවන්නැයි එරට අග්‍රාමාත්‍ය ඉරාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇරියුම් කර ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ එම ආරාධනය ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ
මහතා විසින් පිළිගනු ලැබ තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ  පසු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විචිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුට සුබ පැතුම් එක් කළ අතර පසු දුරකතන ඇමතුමක් දෙමින් දෙරටේ සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වය සහ දැක්ම පිළිබඳ විශ්වාසය තබා ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බව සඳහන් කර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකික ජනතාව සාර්ථකත්වය සහ සෞභාග්‍යය කරා ළගා කරගනු ඇතැයි ද සඳහන් කර ඇත. ඊට අමතර විවිධ අංශවලින් දෙරටේ සහයෝගිත්වය සහ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වීණි.
-හර්ෂණ තුෂාර සිල්වා-