ජංගම දුරකථන අංක ලබා දී තිබෙන සියලුම ජල පාරිභෝගිකයන්ට ජල බිල්පත්වල විස්තර දෙසැම්බර් පළමුවැනිදා සිට කෙටි පණිවුඩයක් (SMS) මඟින් ලබාදෙන සේවාව ආරම්භ කරන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරයි.

0719 399 999 දුරකථන අංකයට
ජල බිල්පත් ගිණුම් අංකය සම්පූර්ණයෙන්ම සඳහන් කර කෙටි පණිවුඩයක් (SMS) එවීම තුළින් අදාළ සේවාවට ලියාපදිංචි විය හැකි බවද එම මණඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පැවසිය.

ජලය භාවිත කිරීම නිසා අදාළ මාසයට ගෙවිය යුතු මුදල හා හිඟ මුදල පිළිබදවත්, ජල සම්පාදන මණ්ඩලය ලබාදෙන වටිනාකම පිළිබඳවත් කෙටි පණිවුඩ මගින් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

එසේම ජල බිල්පත් ලකුණු කිරීමට පැමිණන නිලධාරීයාටද ජල පාරිභෝහිකයාගේ ජංගම දුරකථන අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකි බවත්, ජල පාරිභෝගිකයන් ලක්ෂ විසිහතරක ප්‍රමාණයෙන් පාරිභෝගිකයන් ලකෂ දහයක් මෙම සේවාවට දැනටමත් ලියාපදිංචි වී තිබෙන බවත් පියල් පත්මනාථ මහතා සදහන් කළේය.

මීට අමතරව 'edis.waterboard.lk' මගින් වැඩිදුර විස්තර ලබාගත හැකි බවද හෙතෙම පවසා සිටියේය.

 ඉන්දික හේවාවිතාරණ