https://www.gossiplankanews.com/2019/11/ratmalana-triple-murder-death-sentenced.html
සුගිය 2012 වසරේ රටම කළඹවාලමින් රත්මලාන ප‍්‍රදේශයේ නිවසකදී තම බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ මධුර මනුරංග නමැත්තාට මරණ දඩුවම පැනවීම අද දින කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර
ඔවුන් පුළුස්සා මරාදැමූ මධුර මනුරංග ද සිල්වා නැමැත්තාට මෙසේ මරණ දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියම කළේය.සිද්ධියේ නඩු විභාගය 2012-13 කාලයේ සිට පැවැත්වූ අතර එහිදී මෙම ම්ලේච්ඡ මිනීමැරුම් ගැන තොරතුරු ගණනාවක් අනාවරණය වුණා. ඒ අනුව ඝාතක මධුරංගගේ පෙම්වතිය බව කියන මීගමුවේ 21 හැවිරිදි තරුණියක ආවාහ කරගැනීමේ

අටියෙන් ඝාතකයා විවාහකයෙකු බව හා දරුවන් සිටින බව වසන් කර ඇයව රවටා තිබූ අතර එම බැඳීම් වලින් ඉවත්ව අලුත් ජීවිතයකට ගමන් කිරීමට මෙම ඝාතන සිදු කර තිබුණා.
සැකකාර මධුරංග සමග මෙකී පෙම්වතියද සැකයට භාජනය වූ අතර ඇය පොලිසියට පවසා තිබුනේ තම පෙම්වතා හඳුනාගෙන වැඩි කාලයක් නැති බවකි.
තරුණිය සමග පවතින සම්බන්ධය නිසා සිය බිරිය හා දරු දෙදෙනා මරා දමා තරුණියගේ පාර්ශ්වයද රැවටිලි කර විවාහ වන්නට සැලසුම් සකස් කර තිබුණි. මධුරංග ද සිල්වා නමැති සැකකරු එම 21 හැවිරිදි තරුණිය මුල්වරට මුණගැසුනේ ඇය සහභාගීවූ ප‍්‍රංශ පංතියකදී බවත් පසුව තරුණ ගුරුවරියගේ ෆේස් බුක් මිතුරෙකු බවට අහම්බෙන් පත්ව තිබෙන මධුරංග ඇයගේ ෆේස් බුක් ඡායාරූප ගැලරිය දැක ඇය කෙරෙහි ආකර්ෂණයක් ඇතිව තිබුණි. ෆේස් බුක් හි තමන්ගේ විස්තර හඟවන ස්ථනයේ මධුරංග සටහන් කර තිබී ඇත්තේ තමන් අවිවාහකයෙකු බවයි. ඇයද තවමත් අවිවාහක බව ඇයගේ
විස්තර වලින් දැන සිටි ඔහු ඇය සමග වරින්වර චැට් කරමින් තොරතුරු විමසා තිබෙන බවත් වාර්තා විය.

කොළඹ එන්නේ කවර දවස්වලදැයි ඇගෙන් ඔහු විමසා තිබෙන අතර ප‍්‍රංශ පන්තියකට සති අන්තයේ කොළඹ එන බව ඇය දන්වා තිබෙනවා. ඇයගේ පන්තිය කොළඹ ටොරින්ටන් ප‍්‍රදේශයේ තිබෙන බව කීමෙන් පසු මධුරංග පවසා ඇත්තේ,
‘මාත් ක්ලාස් එකකට යනවනේ ඒ කිට්ටුවම...මට ඔයාගෙ ක්ලාස් එක ගාවට එන්න පුළුවන්...ඔයා කොළඹ එන දවසක අපි හම්බ වෙලාම කථා කරමු’ යනුවෙනි.
ෆේස් බුක් මගින් හඳුනා ගැනීමෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණෙන ටොරින්ටන් හි පිහිටි ප‍්‍රංශ භාෂා පුහුණු ආයතනයට ගොස් මධුරංග ඇයව මුල්වරට හමුවී ඇත.
අනතුරුව වරින්වර ඇයව සිය වාහනයේ නංවාගෙන ගමන් බිමන් එක්ක ගිය ඔහු තමන් විවාහක එක් පියෙකු බව

නොහඟවන්නට හැමවිටම කටයුතු කර තිබෙනවා.
ඔවුන් අතර නිරන්තරයෙන්ම එස්එම්එස් පණිවිඩ හා දුරකථන ඇමතුම්ද හුවමාරුවී තිබෙනවා.

මේ සියලූ සබඳකම් ඇරඹී ඇත්තේ ඔහුගේ බිරියට දෙවන දරුවා ලැබෙන්නට සූදානමින් ගැබණියකව සිටි කාලයේය. ඔහු තරුණියට විවාහ යෝජනාව ගෙනවිත් ඇත්තේ දරුවා උපදින්නට දින නියම කර තිබූ දිනවලමය. ඒ අනුව ඇය හා විවාහ වන්නට සූදානමින් කළුතර ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කුලියට මවක හා පියෙකුද සොයාගෙන තරුණියගේ පාර්ශ්වය රවටන්නට සැලසුම සකස් කළ ඔහු මිනීමැරීම් සිදු කර තිබුණා. ඉබේ හටගත් ගින්නක් නිසා තිදෙනා මියගිය බව කියන්නට හැදුවත් වැඬේ වැරදුණ නිසා මධුරංගගේ සැලසුම් සියල්ල අසාර්ථක වුණා.

මධුරංගගේ විවාහක බිරිය වන මියගිය සචේතනා සඳමාලි සමග ඔහු විවාහවී ඇත්තේද වසර තුනක පෙම් සබඳතාවයකින් අනතුරුවය.2003 සිට 2006 දක්වා පැවති බව කියන එම සබඳතාවයට දෙපැත්තේම ආශිර්වාදය ලැබුණ බවත් උගත් වැදගත් රැකියාවක නියුතු මධුරංග මේ ආකාරයේ පුද්ගලයෙකු යයි සචේතනාගේ ඥාතීන් ඒ දිනවල කල්පණා නොකළ බවත් පැවසුණා.

මියගිය පාසල් ගුරුවරිය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගුරුපත්වීම ලබා පළමු පත්වීම යටියන්තොට පාසලකත් ඉන්පසු මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයටත් ස්ථාන මාරුවක් ලබාගෙන සිටි බව වාර්තාවිය.

ඝාතක සැමියා අම්බලන්ගොඩ ප‍්‍රධාන පාසලකින් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ප‍්‍රධාන පාසලකට ඇතුළත් වී අධ්‍යාපනය හදාරා ඇති බව හෙළිවනවා. ඔහුට සැබෑ දෙමාපියන් නැති අතර ඔහුව අරන් හදාගත් බව කියන දෙමාපියන් අම්බලන්ගොඩ සිට කොළඹ රත්මලානේ නිවසකට සංක‍්‍රමණයවී ඇත්තේ තම පුතුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.
මධුරංග ඔහුගේ බිරිය සහ දරුදෙදෙනා ඝාතනය කිරීමට සති දෙකකට පෙර සේවය කළ ඇඟළුම් ආයතනයෙන් ඉවත්වී තිබෙන්නේ පුද්ගලික හේතු සඳහන් කරමිනි. අලූත් බිරිය සමග ටික කාලයක් විදේශ ගතවන්නටත් ඔහුගේ සැලසුමක් තිබී ඇත.
ඒ වනවිට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපක් ඔහු ලබමින් සිටි බවත් ආයතනයේ විධායක ශ්‍රේණියක සිටි දක්ෂ නිලධාරියෙකුවූ ඔහු මෙවැන්නක් සිදු කරාවි යයි සේවකයින්ටද විශ්වාස කරන්නට අපහසු වූ බවත් වාර්තා විය.
බිරියගේ හ එක් දරුවෙකුගේ ගෙළ මිරිකා අනෙක් දරුවාද පිලිස්සෙන්නට හැර මරා දමා නව ජීවිතයකට එළැඹෙන්නට උපාය යෙදූ මනුරංග අවසානයේ මරණ දඩුවමට ලක්වූවත් මෙම නඩු විභාගය වසර 7 ක් තිස්සේ විභාග වූයේ ඔහුට වරින්වර ඇපද ලබාදෙමිනි. කෙසේ හෝ අද අධිකරණයේදී අවසන් තීන්දුව ලැබුණි.