https://www.gossiplankanews.com/2019/11/puthano-video-iraj.html
යූ ටියුබ් ක්ෂෙත්‍රයේ තාරකාවක් යයි ප්‍රකටව සිටින ඉරාජ් වීරරත්න කාලයක් මියුසික් වීඩියෝ නිර්මාණය කළේය. පසුව ශෘංගාරාත්මක අංග උලුප්පා දක්වන වීඩියෝ නිර්මාණය කළේය. ඉන් අනතුරුව විවිධ ගොසිප් මිශ්‍ර කරගත් සංසිද්ධි ගැන කියැවෙන වීඩියෝ නිමවූ අතර මෑත කාලයේ නිර්මාණය කරන ලද්දේ
මුළුමණින් දේශපාලන වීඩියෝය.
ඔහුගේ වීඩියෝ නාලිකා 15 ක් පමණ අන්තර්ජාලය තුළ බලපෑම්කාරී ලෙස ක්‍රියාකාරි මට්ටමේ පවතින නිසා බොහෝ වීඩියෝ ඉතා ඉක්මණින් සයිබර් අවකාශය තුළ රජ කරවීමට ඔහුට අධිකාරී බලයක්ද හිමිය.
පැහැදිලිවම යූඑන්පී විරෝධීයෙකු ලෙස තමා විසින්ම හදුන්වා ගෙන සිටින ඉරාජ් ගම් උදා වැඩසටහනේ දුර්වලතා ගැන පසුගිය කාලයේ විඩියෝ හැදූ අතර යූඑන්පිය හාස්‍යයට ලක්කරන්නට ගවුම් හැදගෙන විඩියෝ ගීතයක්ද නිර්මාණය කර තිබුණි.
මෙවර සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ඉලක්ක කර ඔහුව හාස්‍යයට ලක්වන ආකාරයට

වීඩියෝවක් නිර්මාණය කර තිබේ.
එහි නම දැක්වෙන්නේ පුතානෝ ලෙසිනි. මීට ටික දිනකට පෙර විමල් වීරවංශ විසින් ප්‍රේමදාස හිටපු ජනපති වරයා හා වත්මන් ජනපති අපේක්ෂක සජිත්ව පියානෝ සහ  පුතානෝ ලෙස  නම් කළ අතර ඒ අනුව යමින් මෙම වීඩියෝවට නම තබා ඇත.
වීඩියෝව ඇරඹෙන්නේ විජය කුමාරතුංග කතාවක් පවත්වන හා ටිකකින් ඝාතනයට ලක්වුණ ආකාරය දැක්වෙන වෙඩි හඩක්ද ඇසෙන කොටසකිනි.මෙයින් නොකියා කියැවෙන්නේ විජය ඝාතනයට හිටපු ජනපති ප්‍රේමදාස සම්බන්ධ බවට ඒ කාලයේ පැතිරගිය කතාව යළි සිහිපත් කිරීමටය.
අනතුරුව සජිත් ගම් උදා වැඩසටහන සිදු කළ හැටි තිරයේ දිගහැරේ..
ඉන් පසු සජිත් වැසිකිලියකට ගොස් කොමඩ් එකක වාඩිවෙන වීඩියෝ ජවනිකාවක් තිරයේ දිස්වේ. තිරය වම් පස යූඑන්පී 'චූ ෆිල්ටර් කළ ප්‍රමාණය' ලෙස සටහනක් දැක්වෙන අතර ඊට යටින් 'පුක සේදීමේ ජල වේගය' සහ  'චූ කක්කා ප්‍රමාණය ලෙස' සටහනක් දක්වා තිබේ. සජිත්ගේ බොත්තමක් ඔබන කතාව සිහිපත් කරමින් කොමඩ්ඩුව මත සිටින ඉරාජ්ගේ වීඩියෝවට රගන සජිත් බොත්තමක් ඔබන ආකාරය පෙන්වයි. එම බොත්තමෙන් කක්කි ගොඩක් තුළින් අශේන් මතුවන ආකාරය රූපයට නගා ඇත.
අනතුරුව සජිත් පන්සලකට ගොස් හිමි නමකට රුපියල් පන්දහසේ චෙක්පතක් දෙන ආකාරයත් ඒවෙලාවේම ගල් ඉනි අරන් එන ගෝලයින් පිරිසක් පන්සලේ චෛත්‍යය හාරා නිධන් සොරාගන්නා ආකාරයකුත් වීඩියෝවට නගා තිබේ.
ඉන් පසුව තිරයේ දිග හැරෙන්නේ ගෙවත්තේ කොටකලිසමක් හැඳ ආර්යාව සමග සජිත් වාඩිවී සිටින ආකාරයයි. උස පුද්ගලයෙකු හා අගුටු මිට්ටෙකු රැකියා අයදුම්පත් රැගෙන ඔහු වෙත එන හැටි එම ජවනිකාවේ දැක්වේ.ආර්යාව දෙස බලා ඔවුන්ට රැකියා නිර්දේශ කරන්නට සජිත් කටයුතු කරන හැටි පෙන්වා තිබේ.


අනතුරුව රාත්‍රී කාලයක පෙම් යුවළක් ඇදක් මත සිපගන්නා දර්ශනයක් ඉරාජ්ගේ වීඩියෝවේ දැක්වේ. එම අවස්ථාවේ ජනේලයෙන් සජිත් මතුවේ. සජිත්ට යන්නැයි පෙම්වතිය හොරෙන් කියයි. ටිකකින් පෙම්වතියට උදරය අවට අපහසුතා මතුවේ. සජිත් දොරක් ඇරගෙන පෙම් යුවළ සිටි කාමරයට පැමිණෙන අයුරුත් සජිත්ගේ අතේ පෙම්වතියට ගෙනා පෑඩ් එකක් පෙම්වතා ඉදිරියේදීම දික්කරන හැටිත් වීඩියෝවේ නිරුපණය වේ. පසුව පෙම්වතා නොසන්සුන් වන අතර සජිත් පෙම්වතාට කොණ්ඩමයක් පෙන්වන හැටි අනතුරුව එහි දැක්වේ.

ඊළඟ ජවනිකාවේදී ජනතාවට නළ ළිදක් තනා විවෘත කරන දර්ශනයක් රග දැක්වේ. එහිදී සජිත් බොන්නේ නළ ළිං ජලය නොව සේවකයින් ගෙනා බෝතලයේ ජලය බවත් නළ ළි‍‍දෙන් ජනතාව බොන්නේ අපිරිසිදු ජලය බවත් පෙන්වා දෙයි.

ඊළග ජවනිකාවෙන් සජිත් ශාන්ති කර්මයක් සිදු කරගන්නට යන හැටිත් එහිදී කට්ටඩියා අලින්ගේ ඡායාරූප කිහිපයක් පෙන්වා උපදෙසක් දෙන හැටිත් පෙන්වන අතර ටිකකින් පෙන්වන්නේ සජිත් රූපවාහිනිය බලමින් හබරණ ඇතිනියන් 7 දෙනකු මියගිය ආකාරය සිනහසෙමින් බලන ආකාරයයි.

වීඩියෝව අවසාන කරමින් ඉරාජ් පෙන්වා දෙන්නේ ටෙනිස් ක්‍රීඩාවේ නිරතවන කාන්තාවකගේ ඡායාරූප ගන්නට උත්සාහ දරන මාධ්‍යවේදියෙකු ගැනය. එම ඡායාරූප මාධ්‍යවේදියා ආරක්ෂකයින් කුදලාගෙන ගොස් ආර් ප්‍රේමදාස අසළ වාඩිවන්නට හදන හැටි හා පසුබිම් වෙඩි හඩක් නැගෙන අයුරු එහි දැක්වේ. එම වෙඩි හඩට සජිත් අවදිවීමෙන් වීඩියෝව නිමාවට පත්වේ.

රටක් පාලනය කළ යුත්තේ මෙවන් කවටයෙක්ද තීරණය ඔබ අතේ යනුවෙන් ඉරාජ්ගේ පුතානෝ වීඩියෝව අවසානයේ සටහනක දැක්වේ.