https://www.gossiplankanews.com/2019/11/prime-minister-ranil-resigned.html#more
ව ජනපති ගෝඨාභය රාජපක්ෂට අභිමතය පරිදි පරිපාලක කණ්ඩායමක් සකසා ගැනීම පහසු කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව සවස 3.45 ට පමණ අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2/3 බලය ලබාදී
නව ආණ්ඩුවක්

පත්කරවන මහමැතිවරණයකට දැන්ම නොයාමට ජනපති ගෝඨාභය සමග පැවති සාකච්ඡාවේදී අගමැති රනිල් එකගවූයේ විශ්‍රාම ගැනීමට සිටින 40 කට වැඩි නවක මන්ත්‍රීවරුන් අමාරුවේ නොදමන අදහස මුල්කරගෙනයි.
එම තීරණය ගෝඨාභය හා රනිල් එක්ව ලබාගෙන තිබූ අතර ඒ අනුව එකම විකල්පය වූයේ පවත්නා රාමුව තුළම ආණ්ඩුවක් තැනීමය.
පාර්ලිමේන්තුවේ අඩු බහුතරයකින් මේ දක්වා විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු ඇමතිවරුන් බවට පත් කර ආණ්ඩුවක් සැකසීමය.
අගමැති රනිල්ගේ ඉල්ලා අස්වීම සමග ඇමති මන්ඩලයද අහෝසිවනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරය යටතේ  නව අගමැතිවරයෙකු හා නව කැබිනට් මණ්ඩලයක් මේ අනුව ඉදිරියේදී දිවුරුම් දෙනු ඇත.