https://www.gossiplankanews.com/2019/11/padeniya-health-scartery.html
සෞඛ්‍ය  අමාත්‍යංශයේ  නව ලේකම්වරයා  ලෙස  රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සභාපති  විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නම
නිර්දේශ වී ඇතැයි  රජයේ ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධව  අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්ශවය මගින් තහවුරු කර ඇති බව පමණි.
තවම මෙම තනතුරට

ඔහු පත්කර නැතත් ඉදිරියේ පත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට ලැබේ.
පසුගිය රජය සමයේ දිගින් දිගටම වෛද්‍ය වැඩ වර්ජන මෙහෙයවමින් ජනතාව අපහසුතාවට ලක්කළැයි වෛද්‍ය පාදෙණිය ඇතුළු සංගමයට චෝදනා තිබිණි.
මෙම ක්‍රියාමාර්ග හුදෙක් සෞඛ්‍ය සේවාවේ යහපත පිණිස නොව දේශපාලන උවමනාවන්ට සිදු කරන ලදැයි හිටපු ඇමති රාජිත සේනාරත්න චෝදනා කර තිබූ අතර ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරණ ව්‍යාපාරයකට රෝහලේ සිටියදී සහභාගීවීම නිසා රජයේ සේවකයෙකු ලෙස ඔහුගේ හැසිරීම ගැන මැතිවරණ කොමසාරිස්වරයා පවා කථා කළේය.