මුහුදු සිංහයකු බව සැලකන මුහුදු සත්වයකු පෙරේදා  (23) සවස වැලිගම  මිදිගම 87 කණුව පෙදෙසෙහි වෙරළ තීරයට ගොඩගසා ඇතැයි වැලිගම පොලිසිය පවසයි. මෙම සත්වයා වෙරළ තීරයට ගොඩගසා තිබූ බව
ප‍්‍රදේශවාසීහු පවසති.
එම සත්ත්වයාට ජීවය  තිබූ අතර එය දැක බලා ගැනීමට ජනතාව පැමිණීමෙන් පසු සතා මුහුදට පිහිනා ගොස්  ගල් පරයක් මත සිටින ආකාරය නැවත දක්නට ලැබිණි.  ඒ පිළිබඳව පෙදෙසෙහි ජනතාව විසින්  වැලිගම පොලිසිය සහ පිරිස වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුම් කිරීමට කටයුතු කර තිබිණි.

මෙම සත්ත්වයාගේ ශරිරයේ කිහිප තැනක තුවාල තිබූ බවට සඳහන් වේ. මිරිස්ස වනජීවි කාර්යාලයේ ප්‍රධාන නිලධාරී ඒ.පී.ආර්. රවීන්ද්‍ර කුමාර මහතා කියා සිටියේ මෙම සත්වයා විදේශ රටක සිට දිය වැලකට අසුව මිදිගම පෙදෙසට ගසාගෙන ඇවිත් බවට විශ්වාස කරන බවත් මෙම සත්ත්වයා ඉතාමත් දුර්ලභ ගණයේ සත්ත්වයකු වන අතර ලංකාවේ මුහුදේදී දක්නට නොලැබෙන අතරම සතාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට අන්තර්ජාතික නීතියට අනුව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ
අවසරය මත අවශ්‍ය කටයුතු සිදු කළේ යුතු බවද පැවසීය.

ඒ අනුව පැය ගනාවකට පසු ලද අවසරය මත නාවික හමුදාව සහ වනජීවී නිලධාරීන් හා මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එක්ව සතාට අවශ්‍යය ප්‍රතිකාර සඳහා සතා ගොඩබිමට ගෙන ඒම සඳහා විශාල උත්සාහයක් ගත්තද සිතා මෙල්ල කිරීමට තිබූ අපහසුතාව සමග සනා ගැඹුරු මුහුදට ගසාගෙන ගිය අතර ඒ සතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ද ව්‍යර්ථ විය. මෙම සත්ත්වයා දැකබලා ගැනීමට අතිවිශාල පිරිසක් එම වෙරළට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

-තරංග ගුණවර්ධන-