https://www.gossiplankanews.com/2019/11/muralitharan-north-governor.html
දැනට පුරප්පාඩුවී පවතින උතුරු පළාත් ආණ්ඩුකාරධුරයට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාද නැගෙනහිරට ප්‍රකට ව්‍යාපාරිකා අනුරාධා යහම්පත්ද උතුරු මැදට මහාචාර්ය තිස්ස විතාරණද පත් කිරීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
පසුගිය ජනපතිවරණ ප්‍රචාරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග වැඩසටහනට
එක්වෙමින් සහයෝගය පළ කළ

මුරලිදරන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පවතින බාධා ගැන පෙන්වාදුන් අතර ඔහු සතු ව්‍යාපාර කිහිපයක් ගැනද කරුණ දක්වමින් ඒවා වැඩිදියුණු කිරීමට රටේ වාතාවරණය සකස්විය යුතු බවද දන්වා සිටියේය.

මුත්තයියා මුරලිදරන් මහතාට ආණ්ඩුකාර ධූරය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෞද්ගලිකවම ආරාධනා කරන ලද බවද පැවසේ.
මේ අතර නැගෙනහිර ආණ්ඩුකාරධුරයට අනුරාධා යහම්පත් මහත්මිය සහ උතුරු මැද ආණ්ඩුකාරධුරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාද පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග දන්වා ඇත.

අනුරාධා යහම්පත් මහත්මිය දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ ප්‍රධානියා වන අතර තිඹිරිගස්යායේ පිහිටි ප්‍රකට ඇඟලුම් අපනයන සමාගමක් වන Kandygs Handlooms Exports අධිපතිනියද වේ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාරධුරයට පත් කෙරෙන මහාචාර්ය තිස්ස විතාරණ මහතා හිටපු ඇමැතිවරයකු වන අතර පොහොට්ටුව සමග සන්ධානගතවූ ලංකාසම සමාජ පක්ෂයේ නායකයා වෙයි.