නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන වසරේ මාර්තු මස 01 වෙනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් 2020 වර්ෂයේ අප්‍රේල් මස අගදී හෝ මැයි මාසය මුල් සතියේදී මහ
මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කථානායක කරු ජයසුරිය මහතා හමුවූ අවස්ථාවේදී.
ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධින හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක්
ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහය ලබා දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (26) කථානායක කරු ජයසුරිය මහතා හමුවී ඉල්ලා සිටියා.

මේ සඳහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම සම්බන්ධව අවශ්‍ය වන රේගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මනින්ම සම්මත කර දෙනමෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙයට අමතරව පසුගිය 2018 වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයේදී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා වන නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධින හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය මාධ්‍ය උපමාන නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවයි මෙහිදී කථානායකවරයා මෙහිදී සඳහන් කර සිටියේ.