මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ලබන පෙබරවාරි මස 10වනදා තෙක් විදෙස් ගත වීඹට අධිකරණය අවසර ලබා දී ඇත.
ඒ නාමල්
රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද(26) කැදවූ අවස්ථාවේදී ය.

තම සේවා දායකයාට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වී ඇති බව නාමල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. ඒ සදහා දැනට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා නොමැති බවද පෙන්වා දී තිබේ. මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සදහා මෝසම ගොනු කළ බවද නීතිඥවරයා සදහන් කර ඇත.