https://www.gossiplankanews.com/2019/11/man-arrested-for-attempted-murder-in-limassol.html
යිප්‍රස්හි මහල්නිවාස සංකීර්ණයකදි සිය ශ්‍රී ලාංකික බිරියට පිහියෙන් ඇන ඇය ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු ඇගේ ලාංකික සැමියාට එරට  අධිකරණයෙන් වසර 6 1/2ක සිරදඩුවමක්  නියම කර ඇතැයි වාර්තාවේ. මෙලස සිර දඬුවම් නියම වූයේ ඉතාලියේ පදිංචිව සිටින 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටය.
 දික්කසාදය ලබාගැනීම සඳහා චුදිත ශ්‍රී ලාංකිකයා ඉකුත් ජුලි 29 වැනිදා ඉතාලියේ සිට සයිප්‍රසයේ ලිම්සෝල්හි සලාකි ප්‍රදේශයේ
පදිංචිව සිටි පනස් හැවිරිදි

ශ්‍රී ලාංකික බිරිඳ හමුවීමට පැමිණ ඇති බවත් එහිදි දෙදෙනා අතර බහින් බස්වීමික් සිදුවී ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු බිරියගේ මුහුණට සහ උදර ප්‍රදේශයට පිහියෙන් ඇන ඇය මරාදමා හොර රහසේම සයිප්‍රස් රටෙන් පලාගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සයිප්‍රසයේ අගනුවර වූ ලිම්සෝල්හි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකීරිණයක් තුළදී මෙම මිනීමැරුම සිදුවි ඇති අතර මියගිය කාන්තාවගේ ඥාතීන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල අනුව පරික්ෂණ පැවැත්වු එරට පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවිරා ඇත.  පුරා මාස 5කට වැඩි කාලයක් පැවැති එම නඩු විභාගය (25) විසින් කළ එරට අපරාධ අධිකරණයෙන් සැකකරුට සිරදඬුවම් නියම කර ඇත.