https://www.gossiplankanews.com/2019/11/mahinda-prime-minister-sworn-in.html#more
ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
සොයුරන් දෙදෙනෙකු ජනපති හා අගමැති පදවියට පත්වූ පළමු අවස්ථාව ලෙස ලංකා ඉතිහාසයට මෙම අවස්ථාව එක්වේ.නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම අද (21) නොව හෙට (22) දිනයේදී සිදුවන බව මේ අතර වාර්තා විය.
https://gallery.gossiplankanews.com/news/mahinda-rajapaksa-sworn-in-as-new-prime-minister.html