නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම අද (21) නොව හෙට (22) දිනයේදී සිදුවන බව වාර්තා විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකින් පසු

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර තිබේ.
මෙවර කැබිනට් මණ්ඩලයට තෝරාගෙන ඇත්තේ පොදු ජන

පෙරමුණ සමග සන්ධාන ගතවූ පක්ෂවල සීමිත නියෝජිතයින් පමණි. කැබිනට් මණ්ඩලයට තෝරාගන්නා
16 දෙනා නම් කර අවසන් වුවත් එක් අයෙකුට ලැබෙන විෂය පථ ප්‍රමාණය ඉහළයාම මේ නිසා සිදුව ඇති අතර එක් එක් අයට බෙදාදිය යුතු විෂයන් වැඩිවීම නිසා එම කටයුතු නිසියාකාරව සිදු කිරීමට

තවත් දිනක් අවශ්‍යවී ඇති බව වාර්තාවේ. ඒ අනුව හෙට (22) දිනයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.