https://www.gossiplankanews.com/2019/11/mahinda-gamini-senarath.html
ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමත්‍ය කාර්යාලයේදී අද සවස වැඩ බාරගත්තේය.
ගාමිණී සෙනරත් මහතා නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කර ඇත.
මීට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති ඔහු 2004 වර්ෂයේ දී
මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර තිබේ.


කැලණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත්  1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ප්‍රථමයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙකු වශයෙන්ද ඉන්පසු  ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යන තනතුරු ද හොබවා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සහ මහජන බැංකුව යන ආයතන වල සභාපති ධුර දරා ඇත.