විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුවද අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමට බලාපොරොත්තුවක් ඇති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක හා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

ඉන්දීය ක්‍රික් ඉන්ෆෝ වෙබි අඩවිය සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතම පවසන්නේ, තවත් වසර දෙකක පමණ කාලයක් විස්සයි20 පිටියේ රැඳී සිටීමට තමන්ට හැකියාවක් ඇති බවයි.

"ක්‍රීඩකයකු වගේම නායකයෙකු වගේත් විස්සයි20 තරගයේදී මට ලැබෙන පන්දු වාර

හතරේදී දක්ෂතො දන්වන්න. පුළුවන් කියලා මට හැඟෙනවා" මාලිංග පවසයි.

"මම ලෝකෙ පුරාම විස්සයි20 තරග ක්‍රීඩා කරලා තියෙනවා. මට ඉදිරි කාලය, සමහරවිට වසර දෙකක් විතර අපහසුවකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන්" හෙතෙම පවසයි.

36 හැවිරිදි මාලිංග විස්සයි20 පිටියේ වැඩිම කඩුලුලාභියා වෙන්නේ තරග 79කදී කඩුලු 106ක් දවා ගනිමිනි. පන්දුවාර 20 තරග පිටියේ කඩුලු සියයේ සීමාවට ළගා වූ එකම පන්දු යවන්නාට මාලිංග වේ. මේ වන විට ටෙස්ට් හා එක්දින පිටියේ සමුගෙන ඇති මාලිංග තවමත් පන්දුවාර 20 පිටියේ දක්ෂතා
දක්වමින් පසුවේ.

කෙසේ නමුත් මාලිංග මීට පෙර පැවසුවේ තමාගේ බලාපොරොත්තුව එළඹෙන වර්ෂයේ ඔක්තෝම්බර් මසදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීම බවයි.

"ශ්‍රී ලංකාවේ දක්ෂ පන්දු යවන්නන්ගේ අඩුවක් තිබෙනවා. ඒවගේම විස්සයි20 තරගවලට අනුගත වීමත් අඩුයි. අපිට ඒක වසරකින් හෝ එකහමාරකින් හදන්න බෑ, වසර දෙකක් හෝ තුනක්වත් ඒ සදහා ඉවසිය යුතුයි" ඔහු පැවසීය.

"විස්සයි20 තරග සඳහා අනුගත වීම වැදගත්. මම හිතන්නේ කවුරු ඉදිරියේදී තැන්හි සිදු කළත් ක්‍රීඩකයන් බංකුවී තියලා නම් ඔවුන් ඉගෙන ගන්නේ නෑ" හෙතෙම පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග පැවසුවේ යොවුන් ක්‍රීඩකයන්ට නිසි මාර්ගය පෙන්වීම සදහා තමන් ක්‍රීඩා කිරීම වැදගත් බවයි.

ඕෂිත වරකපිටිය