https://www.gossiplankanews.com/2019/11/kulasinghe-garden-colombo.html#more
කොළඹ ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ 'කුලසිංහ උද්‍යානය' නමින් අලුත් අංගයක් විවෘත කිරීම ඊයේ ජනපති අතින් සිදු විය.නැසීගිය කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ සියවන ජන්ම දින සිහිපත් කිරීම පිණිස "ක්‍රියාකාරකම් සහිත උද්‍යානය”  ඉංජිනේරුමය කාර්යයන්
පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු

සේවා පුද්ගලික සමාගම එක්ව නිර්මාණය කර තිබේ.
 දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා නිම කරන ලද ක්‍රියාකාරකම් ගණනාවක් සහිත මෙම උද්‍යානය ඉදිරියේදී ග්‍රහලෝකාගාරය බලන්නට එන සිසුදරුවන්ට අමතර අධයාපනයක් ලබාදෙන අංග ගණනාවකින් යුතු එකක් වනු ඇත.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ මෙම උද්‍යානය ස්ථාපනය කර තිබේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.