එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධානය කළ
මාතර දිස්ත්‍රික් එජාප තරුණ
සමුළුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු මහීල් බණ්ඩාර මහතා එක්ව තිබේ.
අපි සීරුවෙන් ව්‍යාපාරය නියෝජනය කරමින් ඔහු මෙම තරුණ සමුළුවට එක්වූ අතර සමුළුව ඇමතීමටත්ම කටයුතු කළේය.
මීට මාස කිහිපයකට පෙර ශිෂ්‍ය ව්‍යාපාරය විවේචනයට ලක්කර ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ අයෙකි.