කටාන කදිරාන දුමින්දාරාමයේ කඨින පෙරහර ගමන් ගත් අවස්ථාවේ තමා විසින්ම දල්වන ලද මල්
වෙඩිල්ලක් පිපිරීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ
උතුරු කදිරාන ඇටඹගහ වත්තේ පදිංචිව සිටි කිඹුලාපිටිය මහ විදුහලේ නව වැනි වසරේ දිනිත් ඩිල්ෂාන් නමැති වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකි.

කඨින පෙරහර ගමන් ගත් පසුගිය සෙනසුරාදා අලුයම 4.00ට පමණ මෙම සිසුවා නිවෙසේ තිබූ මල්
වෙඩිල්ලක් දල්වා ඇති අතර එහි සේවානූල පමණ දැල්වී මල් වෙඩිල්ල නිවීගොස් ඇත. සිසුවා නොදැල්වුණු මල් වෙඩිල්ල අතට ගෙන පරීක්ෂා කරමින් සිටියදී එය පුපුරා ගොස් තිබේ. බරපතළ තුවාල ලබා සිටි සිසුවා රෝහල් ගත කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය පිළිබඳව කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.
කටාන _ බර්ටි වීරසිංහ