https://www.gossiplankanews.com/2019/11/karu-sajith-ranil-unp.html
ථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්‍ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින්
පක්‍ෂ නායකත්වය භාරගැනීමට නොහැකි බවද කරු ජයසූරිය මහතා පවසා ඇතැයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සජිත්ප්‍රේමදාස යන අය අතර හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ තමන්ට නායක ධුරය ලබාගෙන කටයුතු කිරීමට නොහැකි බවත්,

මහ මැතිවරණයක් අබියසදී පාක්‍ෂිකයන් දෙපසට වී චෝදනා කර ගන්නා පරිසරයක් තුළ පක්ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන යා නොහැකි බවත් ඒ මහතා පවසා තිබේ.

සජිත්ගේ අනුගාමිකයින් පවසන්නේ එජාපය ප්‍රතිසංස්කරණයට සජිත් මිස වෙන අයෙකුට නොහැකි බවයි. පක්ෂයේ පැරණි කණ්ඩායමේ මතයට වඩා තරුණ කණ්ඩායමේ මතය ට මේ වනවිට වැඩි පිරිසක් එකතුවන ලක්ෂණ පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට කැමති පිරිස තරුණ කණ්ඩායම පවසන දේවල් බැහැර කරමින් දන්වා සිටින්නේ සජිත්ගේ පරාජය තුළින් එම මතවාදයන්ද ප්‍රතික්ෂේපවී ගිය බවකි.
තමා නායක ධුරය ලබාගත්තද එම කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් බලා සිටින බවත්, එබැවින් එවැනි අවදානමකට ලක්වීමට තමන් නොකැමති බවත් කරු ජයසූරිය දන්වා ඇත.


රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පකෂයට විශාල හානියක් සිදුව තිබෙන බවද කරු ජයසූරිය මහතා සඳහන් කර තිබේ. මේ වනවිට රාජපක්ෂ හිතවාදී මාධ්‍ය මගින් පක්ෂයේ දෙපිරිස කෙටවීමට ප්‍රවෘත්ති පළ කරමින් සිටින බවද දන්වා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් කථානායක ධුරයට වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා කර තිබෙන අතර දෙසැම්බර් මැද නව පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුට කථානායක ධූරය අහිමිවනු ඇතැයි වාර්තා පළව තිබේ.