මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ බෝක්කුවක් පාමුල තිබු සැකකටයුතු අන්දමින් අපවිත්වී සිටි හිමිනමකගේ සිරුර පෙරේදා (23දා) සවස ගොඩගත් බව මඩොල්සිම පොලීසිය පවසයි. ඇකිරිය විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කළ පින්නගොල්ලේ
පඤ්චඤ්ඤාසාර (61) හිමියන්ගේ දේහය මෙසේ සොයා ගෙන තිබේ. ලූණුගල හදිසි මරණ පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා ඉදිරීයේදී මඩොල්සිම පොලීසියේ සහ බදුල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සිරුර ගොඩගන්නා ලදි.  මේ අතර සිද්ධිය වූ පසුගිය සිකුරාදා (22දා) මෙම හිමිනම
මැටිගහතැත්න විහාරස්ථානයේ  වැඩ විසූ අතර එදින රාත්‍රී 12.00 ට පමණ තමන් වැඩසිටින ඇකිරිය විහාරස්ථානයට යා යුතු බව පවසා විහාරස්ථානයෙන් පිටව ගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් පසුදින උදෑසන මාර්ගයේ ගමන්ගත් පිරිසක් විහාරස්ථානයට මීටර් සියයක් පමණ නුදුරින් මාර්ගයට පහළින් පිහිටි බෝක්කුවක් අසල ඇදවැටී අපව සිටි ස්වාමීන් වහන්සේ දැක ඒ පිළිබද පොලීසියට පැමිණිලි කොට ඇත. ගොඩ ගනු ලැබූ සිරුර පෙර්දා (23) සවස බදුලු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර ඊයේ (24) ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. මඩොල්සිම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 මීගහකීවුල - එන්.කේ නිශ්ශංක  / ඇල්ල රුක්මල්