ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී  ලාංකිකයන්ට
ආශීර්වාද කිරීමේ උත්සවයකට එක්වෙමින් පසුගියදා අභයාරාම විහාරස්ථානයේදී ඇමති ඩලස් අලහප්පෙරුම මෙසේ කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණේ තවත් එක් ජනාධිපතිවරයෙක් විධියට නෙවෙයි. ඔහු ජනාධිපති නෙවෙයි ශක්තිමත් කශේරුකාවක් සහිත රාජ්‍ය නායකයෙක්. අපිට ශක්තිමත් රටක් අවශ්‍යයි.
මේ දවස් කීපය ඇතුළත ගෝඨාභය මහතා ගත්ත තීන්දු තීරණ එක්ක හෙට මැතිවරණයකට ගියොත්
තවත් මිලියනයක් විතර ඡන්ද වැඩිවෙනවා. අපේ ඇමැති මණ්ඩලය 15යි. 1948 දීත් තිබුණේ කැබිනට් මණ්ඩලය 14යි.
ගෝඨාභය මහතා අපිට පත්වීම් ලබාදීලා කිව්වේ කාලය නාස්ති කරන්න එපා. ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා බොරුවට උත්සව තියන්න එපා. පුළුවන් නම් පැය 2ක් ඇතුළත වැඩ භාරගන්න කියලා. තේ එකකටවත් අමාත්‍යාංශයේ සල්ලි වියදම් කරන්න එපා කියලා කිව්වා. මේක තමයි ජනතාව ප්‍රාර්ථනා කරපු රට.
ඒ වගේම තමයි අපේ කණ්ඩායම ගැන ඔබ සැකයක් තියාගන්න එපා. ගෝඨාභය ජනාධිපතිවරයාට හොඳ ටීම්
එකක් ඉන්නවා. හොඳ ටීම් එකක් නැතිව මැච් දින්නන බැහැ.