https://www.gossiplankanews.com/2019/11/iraj-puthano-youtube-deleted.html
මීට දින 2 කට පමණ පෙර අන්තර්ජාලය තුළ කැළඹවීමක් ඇති කරමින් ඉරාජ් වීරරත්න විසින් මුදාහැර තිබූ පුතානෝ නමැති වීඩියෝව අද (15) යූටියුබ් ආයතනය
මගින් ඉවත් කර ඇති බව

දැනගන්නට ලැබේ.
මෙම වීඩියෝව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන ලද්දකි. ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නම හා ප්‍රකාශයන්ද භාවිත කරමින් ඔහුට එරෙහි මඩ ප්‍රහාරයක් ලෙස එය රූගත කර ඉදිරිපත් කර තිබූ බව වාර්තාවූ අතර ඇතමුන් අතින් එය විවේචනයට ලක් විය.
පුද්ගල අපහාසය යන හේතුව මත යූටියුබ් ආයතනය එය ඉවත්කරන්නට ඇති බවට සැක කෙරේ.
අන්තර්ජාලය තුළ වැඩිම නැරඹුම් 'ට්‍රෙන්ඩින්' ලැයිස්තුවටද එය පැය ගණනාවක් තුළ ඇතුළුව තිබූ වීඩියෝවකි.

පුතානෝ වීඩියෝවේ අන්තර්ගතය සම්බන්ධයෙන් පෙර ඉදිරිපත් කළ ලිපිය මෙතැනින්


සජිත්ට මඩ ගසමින් ඉරාජ් අවසානයේ ගෙනා පුතාණෝ වීඩියෝව