https://www.gossiplankanews.com/2019/11/facebook-counting-system.html
අද දින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් ඡන්දය දැමූවන් ගණන එකතුකිරීමේ ක්‍රමයක්
ෆේස් බුක් ඔස්සේ අරඹා තිබේ.


එහිදී තමා ඡන්දය පාවිච්චි කළේ නම් ඒ බව අනෙක් අයට දැනගන්නට ෂෙයාර් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා ඇත.
ෆේස් බුක් වෙත ලංකාව තුළදී පිවිසෙන සාමාජිකයින්ට එහි උඩින්ම මෙම විමසුමට සම්බන්ධවිය හැකිය.
මෙම ක්‍රමය ලෝකයේ වෙනත් රටවල මැතිවරණ පැවැත්වෙන අවස්ථාවල ෆේස් බුක් ලබාදෙන පහසුකමක් වන අතර ශ්‍රී ලංකාවේ මැතිවරණයක් වෙනුවෙන් එය ඉදිරිපත් කර තිබෙන්නේ මුල්වරටය.