7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම‍ අද උදෑසන 7.00ට ආරම්භ විය.

පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,845කදී ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතියි.

මෙවර ජනාධිපතිවරණයේදී
ඡන්දය භාවිත කිරිම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස් නමලක්ෂ 92096 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

මේ අතර උදෑසන කාලයේදීම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ට දැනුම් දෙයි.

ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පුජ්‍ය හැදුනුම්පත හා මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතයි.