https://www.gossiplankanews.com/2019/11/d-m-jayaratne-passed-away.html
ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ දිමු ජයරත්න මහතා අද (19) පස්වරුවේ 88 වන වියේදී ජීවිතයෙන් සමුගත්තේය. පසුගිය දිනවල අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම සාමාජිකයෙකුවූ ඔහු
උපත ලැබුවේ 1931 ජුනි 4 වැනිදාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවරට මදක් ඔබ්බෙන් පිහිටි ගම්පොළ දොලුව මහා විද්‍යාලයෙනි.
ගුරුවරයෙකු හා තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙස මුලදී සේවය කළ දිමූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් 1951 දී මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන අවස්ථාවේ සිට එහි සාමාජිකයෙකි.
1970 මහ මැතිවරණයෙන්  ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 1977 මැතිවරණයෙන්  පරාජයට පත් විය.1989 දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මනාප ඡන්ද 54,290 ක් ලබාගත් ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය.
1994 දී සන්ධානය යටතේ නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ දිමු ජයරත්න මහතා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරය ලබා ප්‍රථම වරට කැබිනට් මණ්ඩලයට පිවිසියේය.
2010 අප්‍රේල් 21 දින අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.  දිමු ජයරත්න මහතාගේ පුතු දැනට දේශපාලනයේ නියැළෙන අනුරාධ ජයරත්නයි. දියණිය සේනානි ජයරත්නයි. ඇය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ වත්මන් බිරියයි.