එළවළු මිල ඉහළ යැම නිසා හා එළවළු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කැරටි, ගෝවා, බෝංචි, අමුමිරිස්, මාළුමිරිස් ඇතුළු බොහෝ එළවළු කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක්, දෙසීයක් අතර මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ නිසා එළවළු කිරිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය දිනවල

ඇති වූ අයහපත් කාලගුණ තත්වය නිසා සමහර ප්‍රදේශවල වගාවන් විනාශ වීම නිසා එළවළු හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවද වාර්තා වේ.

මේ පිළිබඳ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළදී මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැගත් ලොරි පැමිණීම් අඩුවක් සිදු වූ බවයි.

මේ නිසා තොග මිල ඉහළ යෑමක් සිදු වූ බවත්, ඒවත් ඉදිරි දිනවලදී සාමාන්‍ය පරිදි එළවළු තොග ලැබීමට නියමිත බවත් ඔහු පවසා සිටියේය.

එළවළු තොග ලැබීමත් සමග එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත්, පසුගිය දිනවල පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගොවි ජනතාව සහභාගි වීම නිසා එළවළු ඵලදාව නෙළාගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ