ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධුරයෙන්
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් එරාන් වික්‍රමරත්න මහතාද ඉල්ලා අස්වී තිබේ.

හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, ජනාධිපතිවරයාට කැමති සුදුසු පුද්ගලයෙක් තෝරා පත් කර ගැනීම
සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තුතිය පලකරන බවත් තමා කටයුතු කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ බවත් එරාන් වික්‍රමරත්න අස්වීමේ ලිපියේ දක්වා තිබේ.

මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් විය.

එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන් ය.