https://www.gossiplankanews.com/2019/11/chandra-kaluarachchi-passed-away.html
ටෙලි නාට්‍ය වේදිකාව හා චිත්‍රපට තුළ කාලයක් නොමැකෙන නමක් සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය  අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට 76 වැනි ඇය පසුවූවාය.
1960 දශකයේදී සිනමාවට
පිවිසි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය රංගනයෙන් දායකවූ චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, හිමගිර, යුවතිපති, පවුරු වළලු, ඉර මැදියම, බොරදිය පොකුණ සහ නිසල ගිර ප්‍රසිද්ධය.
දහසක් සිතුවිලි, මොකද වුණේ, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි,

මාතර ආච්චි, හත්දින්නත්තරු,  සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, සෙයිලම ඇතුළු තවත් චිත්‍රපට 40 කට ආසන්න ගණනක විවිධ චරිත නිරූපණය කර ඇත.
1964 වසරේ දී වේදිකා ගතවූ ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය ‘එරබොදු මල් පිපිලා’, ‘කැළණි පාලම’ ඇතුළු නාට්‍ය රැසක රඟ පැවාය.
ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වූ ඇයට පුතෙකු හා දියණියක සිටී. ඇගේ දියණිය  වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි අමා විජේසේකරයි.
දේහය ගල්කිස්ස කලාපුර අංක 140/31/5 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.