වීශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මුලින් කළ වැරැද්ද වසාගැනීමට ඊයේ (31දා) දිනයේදී එවැනි ක්‍රියාවක් සිදුකළත්, වරද වසාගැනීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  එක වරදක් වසා ගැනීමට තව වරදක් කිරීම තුළින් වද
දෙගුණයක් වන බවත්,
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දේශපාලන වේදිකාවකට යාම පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවත් එම කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යනාංශය පරීක්‍ෂණයක් සිදුකරන බවත්, මීට අමතරව මැතිවරණ කොමීෂන් සභාවේ විධිත කඩකිරීම් පිළිබඳ යම් කෙනෙකු පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බැවින් පොලීසියද ඒ පිළිබඳ පර්පණයක් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.  2015 වසරේදි එක් අතිරේක

ලේකමිවරයෙකු පෙරේදා දින දමා පත්වීම් ලබාදුන් අතිරේක ලේකම්වරයෙකුගේ වැටුප් වර්ධක 05ක් ඉවත් කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, පසුගිය මැතිවරණයකදී ලේකමිවරයෙකුට ස්ථාන මාරු ලබාදුන් අතර, තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට විනය පරීක්‍ෂණ පැවැත්වෙන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
  - එච්.අයි. තුෂාර-