https://www.gossiplankanews.com/2019/11/bharath-shakthi-india-interview.html
ටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක බලවතුගේ සටන්වලට මැදිහත් නොවන බවත් ශ්‍රී ලංකාව ස්වාධීනව සිටින රටක් බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ  ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිරින් ගෝල් සමග සාකච්ඡාවකට එක්වෙමින්  සඳහන් කර තිබේ.
රාජපක්‍ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව එක්වූ පළමු සාකච්ඡාව මෙය විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "අපි රටක් විදිහට හැමවිට මැදහත්ව සිටිනවා. මේක මම මගේ දිවුරුමිදීමේ අවස්ථාවේදීත් ප්‍රකාශ කළා. අපි ඉන්නේ ඉතාමත් වැදගත් සමුද්‍රීය ජාලයක.
නැගෙනහිර සිට බටහිරට යන සියලු මුහුදු මාර්ග තිබෙන්නේ අපේ රට හරහා. විශේෂයෙන්ම ආසියාව සංවර්ධනය වන විට මැදපෙරදිග තිබෙන ඉන්ධනත් අප්‍රිකාවේ ඛනිජත් ආසියාවට එන්නේ මේ මාර්ගයේයි. ඒ නිසා මේ සමුද්‍රීය මාර්ගය නිදහස්ව තිබී යුතුයි.
 එය ලෝකයටම වැදගත් නිසා

තනිව කිසිවෙකුට අයත් නොවිය යුතුයි.

අපි කුඩා රටක්. අපට එක් රටක් තෝරාගැනීමෙන් ඉදිරියට යන්න බෑ. අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ. එසේම අපට සියලු දෙනා සමබර කරගෙන යන්න බෑ.කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඉන්දියාවේ උනන්දුව ගැන අප හිතන්න අවශ්‍යයි. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන දෙයක් අප කරන්නේ නෑ.

ඉන්දියාව බලවත් රටක් වුවත් අපි ස්වාධීන ස්වෛරි රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.එසේම අනෙක් රටවල් ක්‍රියාවලි ගැනත් අපි බැලිය යුතුයි.වැදගත්ම දේ ආර්ථික සංවර්ධනයයි. එය සීමීත සීමාවක සිට කරන්න බෑ. අපේ රටේ දේ ආරක්ෂා කරගෙන අපට විවෘත වෙන්න සිදුවෙනවා.ඒකට අපි සුදානම් අපට ඉන්දියාවෙන්, චීනයෙන්, මැලේසියාශිවන්, ඉන්දුනීසියාවෙන්, ජපානයෙන් සිංගප්පූරුවෙන් උදව් අවශ්‍ය ඒකයි.මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී චීනය සමග සම්බන්ධතා පැවැත්වූයේ හුදෙක්ම වාණිජමය මුහුණුවරකින්, නමුත් ආරමිභයේ සිටම ලෝකය මෙය විග්‍රහ කළේ වෙනත් විදියකට.

හම්බන්තොට වරාය පවා ඔවුන් ඉන්දියාවට තර්ජනයක් ලෙස අර්ථ ගැන්වුවා. හම්බන්තොට වරාය අපට අවශ්‍යයි. චීනය අපේ අතිශය සමීප මිත්‍රයෙක්. ඒ වුණත් මම කියන්නේ පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය අවුරුදු 99ක බදු දීමට ගත් තීරණය අත්වැරැද්දක්. අපි එය නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. රටේ මිනිස්සු ඒ ගැන කැමති නෑ, අපි කෙටි කාලයක් ගැන බලලා එන්නේ නෑ. යම් වාණිජමය කටයුත්තකට භූමියක් ලබා දීම වෙනම දෙයක්. හෝටලයක් හදන්න, ගොඩනැගිලි හදන එක වෙනම දෙයක්.
ඒත් ක්‍රමෝපායික වශයෙන් ආර්ථික වශයෙන් වැදගත් වරායක් මේ ආකාරයන්  ලබාදීම ගැන නැවත සිතන්න ඕන. එක් පර්යන්තයක් ලබාදීම වැරැද්දක් නෙමෙයි වරායක් ලබාදීම කියන්නේ වෙනම දෙයක්.ඒක මගේ මතයයි. අපට ඉන්දියාව සමග මෙන්ම චීනය සමග වැඩ කරන්න අවශ්‍යයි. ඉන්දියාව, සිංගප්පුරුව,ජපානය හා ඔස්ට්‍රේලියාව වගේ රටවලට කියන්න ඕනි
ඔවුන් චීන මැදිහත් වීම් වලට බය වීම සාධාරණයි.


 එහෙත් අපේ ගනුදෙනුව වාණිජයි. අපට විදේශ ආයෝජන අවශ්‍යයි. මම ආරාධනා කරනවා ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවලට ඇවිත් අපේ රටේ ආයෝජනය කරන්න. චීනයට විතරක් ආයෝජනය කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එපා. මේ රටවල ආණ්ඩු තමන්ගේ පෞද්ගලික අංශයට කියන්න ඕනි අපේ රටේ ආයෝජනය කරන්න කියලා.

ඒ විතරක් නෙවෙයි අපේ රටෙන් ආනයනය කරන්නත් මේ රටවලට පුළුවන්, ජනතාව මාව හඳුනා ගත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසයි. මම විනයගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ. ඒ නිසයි මම හැම කෙනෙකුටම ආරාධනා කලා අපිත් සමඟ එකතු වන්න කියලා. මිනිස්සු මාව ඒකාධිපතිත්යක් ලෙස දකින්න පුළුවන්. නමුත් මම එහෙම නෙමෙයි. බටහිර මාධ්‍යයට මම කියන්නේ මාව හමුවෙන්න මට කතා කරන්න.

අපි පොඩි රටක්. යුද්ධ කාලේ අපේ රටෙි වුණු දේවල් ගැන හැමෝම කතා වෙනවා. හැබැයි බලවත් රටවල යුද්ධවලදී වෙන දේවල් ආවරණය වෙනවා, එය අසාධාරණයි. අපි බෞද්ධයෝ. අපි බොහොම සාමකාමී ජාතියක්. මම දෙමළ ඩයස්පෝරාවටත් ආරාධනය කරනවා රටේ ජනතාවට උදව් කරන්න කියලා.”

යනුවෙන් පවසා සිටියේය.