රටේ හදවත බඳු කොළඹ වරාය කාර්යක්ෂම වරායක් බවට පත්කරන අතර නැගෙනහිර පක්ෂයයේ සංවර්ධනය කඩිනමින් ආරම්භක කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (25) පැවැසීය.

කොළඹ වරාය කාර්යක්ෂම වරායක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවක් බැවින් සියලු වෘත්තීය සමිතිවල හා සියලු සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝහය ඒ සඳහා අවශ්‍ය බව ද අමාත්‍යරයා කීය.

කොටුව චෛත්‍ය පාරේ වරාය හා නාවික අමාත්‍යාංශයේදී ඊයේ (25) පෙරවරුවේ සුබ නැකතට වැඩ බාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය ජොන්ස්ට න් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ රට වැඩ කරන රටක්, ආර්ථිකය දියුණු රටක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාසය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බවත් ඒ සඳහා ලබාදිය හැකි උපරිම සහාය ලබාදිය යුතු බව
අමාත්‍යවරයා කීය.

තිබෙන ප්‍රශ්න, ගැටලු සාකච්ඡා මාර්ගයන් විසඳීම තමාගේ එක්කම අරමුණ බව ද වරායෙ ඉතාමත් ආදර්ශවත් තැනක් බවට පත් කිරීමට වෘත්තීය සමිතිවල හා සියලු දෙනාගේ සහාය ලබාදේවි යයි තමා විශ්වාස කරන බව ද පැවැසූ අමාත්‍ය ජොන්ස්ටන් මහතා වරාය කොහොම ද  වැඩ කටයුතු කළේ කියලා ඉතිහාසයේ අපි දුටුවා යැයි ද පැවැසීය.

කොළඹ වරාය ජැටිය හැදිමේ පමාවක් සිදුවී තිබෙනවා යයි ද එය අපි දන්නා කරුණක් බවත් පැවසූ අමාත්‍යරයා මේ සම්බන්ධව වරායට විශල පිරිසක් තමා සමඟ සාකච්ඡා කළ බව ද තමාගේ බලාපොරොත්තුවේ නිලධාරීන් සමග සාකච්ඡාකොට එහි වැඩ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීම බව ද කීය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා පසුගිය රජය සමන් දේශපාලන දඩයමක් කරන්න අපේ බලාපොරොත්තුවක් නොමැති බවත් සාක්ෂි  හදලා පැමිණිලි හදලා තමන්ට ඕන නිලධාරීන් ගෙනල්ලා තමන්ට අවශ්‍ය එෆ්සීඅයිඩී ආයතනය නිර්මාණය කළ අතර එය නීත්‍යනුකූල ආයතනයක් නාන බව ද පැවැසීය.

අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරවත් මෙසේ ද කීය.
"කවුරු හරි නිලධාරියකු වරදක් කරලා තියනවා නම් ඔහුට රටේ නීතිය අනුවම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. ඒ නිසා තමයි ජනතාව ජන්දය දුන් ඒ වෙනස ඇති වෙයි කියලා. වැඩ කරන රටක් බවට පත් කිරීමටයි ජනතාව ජන්දය දුන් හිටපු ඇමැති මලික් සමරවික්‍රම මහතා ගිවිසුමක් මගින් හම්බන්තොට වරාය බදු දුන්නා.

තමාගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි වරාය බදු දිමේදී හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිහඬව සිටියා. වරාය බදු දෙන අවස්ථාවේ සජිත් මහතා නිහඬව සිටියේ මලික්ට ලැබෙන විශාල කොමිස් මුදලින් කොටසක් ඔහුටත් ලැබන ඇති කියලයි මම හිතන්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අරුන්දික ප්‍රනාන්දු. තාරානාත් බස්නායක, වරාය හා නාවික අමාංත්‍යාංශයේ ලේකම් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරු ද අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල හා අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(මහින්ද නිශ්ශංක)