අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගය වෙනුවෙන් පවත්වන උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ආදිය අද (26) මධ්‍යම රාත්‍රී 12න් පසුව විභාගය අවසන් වෙනතුරු තහනම් වන බව විභාග දෙපාර්තමෙන්තුව
සඳහන් කරයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වැනි දින දක්වා කාලය තුළ විභාග අපේක්ෂිකෙයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරිම, පන්ති මෙහෙයවීම, සම්මන්ත්‍රණ, වැඩමුළු හා බෝධි පූජා ආදිය තහනම් වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පෝස්ටර්, බැනර්. අත්පත්‍රිකා ආදිය ළඟ තබා ගැනීම ද තහනම් වන බව එම විභාග දෙපාර්තමේන්තුව කියයි.

රංජන් කස්තුරි