https://www.gossiplankanews.com/2019/11/Swiss-SriLanka-embassy-worker.html#more
ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා ලබාදෙන අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරිනිය පසුගියදා කාර්යාල කටයුතු නිමවී යද්දී පැහැරගෙන ගොස් ටික වේලාවකින් මුදා හැර ඇතැයිද ඇයව පැහැරගෙන ගිය වෑන් රථයේ සිටි පිරිස ඇගෙන් නිශාන්ත සිල්වාට වීසා ලැබුනේ කෙසේදැයි ප්‍රශ්න කර
ඇතැයිද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිල්ලක් කර තිබේ.

නිශාන්ත සිල්වා රහස් පොලිස් නිලධාරියා පසුගියදා ස්විට්සර්ලන්තයට පවුල සමග පළායාමෙන් පසු රජය එලෙස විදෙස්ගතවීම සියලුම රහස් පොලිස් නිලධාරීන්ට තහනම් කර තිබුණි.

තානාපති නිලධාරිනිය පැහැරගෙන යාමේ සිද්ධිය

සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි
ඊයේ (27) සවස විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන හා අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයාද කටයුතු කළ අතර එම අවස්ථාවන්හිදී එකී ගැටලුව ගැන සාකච්ඡා කර ඇත.
මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නට රජය එකඟවී තිබේ.

මෙම සිදුවීම දින දෙකකට පෙර වාර්තාවුවත් මුලදී ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඒ ගැන විස්තර පළ නොවූ අතර ඊයේ  (27) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු දුරකථන  ක්‍රියාවිරහිත කර මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් ලබා නොදී සිටීම නිසා මේ ගැන විමසන්නට මාධ්‍ය කළ උත්සාහයන්ට කිසිදු වගකිව යුතු ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත.

මෙ අතර ඊයේ කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී මේ ගැන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියෙකු විමසනු ලදුව එය පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු ප්‍රශ්නයක් යයි පිළිතුරු ලැබී තිබුණි.
මේ අතරවාරයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකට සිදුවූ හිරිහැරය බරපතල සිදුවීමක් යයි දක්වා විදෙස් මාධ්‍ය ගණනාවක් පුවත් පළ කර තිබේ.
ඒවාට යොමු පහතින්

බීබීසී වාර්තාව
https://www.bbc.com/news/world-asia-50578481

නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව
https://www.nytimes.com/2019/11/27/world/asia/sri-lanka-rajapaksa-crackdown.html

ස්විස් ඉන්ෆො වාර්තාව
https://www.swissinfo.ch/eng/diplomatic-incident-_swiss-embassy-worker-kidnapped-and-threatened-in-colombo-/45397440