https://www.gossiplankanews.com/2019/11/20-3-vip-traffic.html

නාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා විය.
ජනාධිපතිවරයා සඳහා

සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇත.
සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක්  ඇතුළත් ය.
 රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීමේ සම්ප්‍රදායද ඉවත් කිරීමට තීරණය විය.
මේ අනුව යමින් අගමැතිගේ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක වාහනද සීමාවනු ඇති අතර යුද සමයේ හා ඉන් පසු 2010-15 කාලයේ මහජනතාවට හිසරදයක්වූ 'වීඅයිපී ට්‍රැෆික්' තවදුරටත් නොපවතිනු ඇත.