අනුරාධපුර රුවන්මැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම මෙම මස 25 වැනිඳා පස්වරුවේ සිඳුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
දැනට මෙම නව චූඩා මාණික්‍යය ජනතාට දැක වැඳපුදා ගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා
පරීශ්‍රයෙහි තැත්පත් කර ඇති අතර එය අද (20) දිනයේත්තේ එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඉන් අනතුරුව නම් චූඩා මාණික්‍යය හෙට (21) පෙරවරුවේ කුරුණෑගල ඇත්කඳ විහාරයට වැඩම කරන අතර හෙට සවස 6.00 සිට අනිද්දා
(22) අලුයම 5.00 දක්වා එහිදී ප්‍රදර්ශනය කෙරේ.

පසුව එය අනුරාධපුරයට වැඩම කරවීම සිදුකරන අතර 22 වැනිදා රාත්‍රියේ සිට 24 වැනිදා දක්වා රුවන්වැලි සෑය අභියස කුටියක තැත්පත් කර තබනු ලැබේ.

තුන් තිස් පැයේ පිරිත් සජ්ඣායනයක් ද 24 වැනිදා රාත්‍රී 9.00ට රුවන්වැලි සෑය අභියසදී පැවැත්වීමට නියමිතය.

එම පිරිත් සජ්ඣායනය මධ්‍යයේම 25 වැනිදා සය 6.00ට රුක්වැලි මහාසෑයේ රන් ආදේශිත කොත් කැරැල්ල මත චූඩා මාණික්‍යය තැන්පත් කරනු ඇති බව වාර්තා වේ.

එම ලංකොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුවන්නේ 26 වැනිදා උදෑසන 10.00ට තිබිබටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහනා හිමියන් අතිනි.

එදින දහවල් සංඝගත දක්ෂිණාවක් හා සවස ආශීර්වාද පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව එම පිංකම් කටයුතු නිමාවට පත්වේ.

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පළිගු පාෂාණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වේන ඔස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටිනා දුර්ලභ පළිගුකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඔස්ට්‍රේලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිදු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩගන්වන ලද ස්වාභාවික මැණික් සහ රතුමැණික් ගල් 4.300 ක් යොදාගෙන තිබේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවින්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙමෙ කටයුතු සිදුකෙරේ.

ඩයනා උදයංගනී