තමා දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වෙන බව කඵතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  පැවැසීය.
වෙල්ගම මහතා මෙසේ
පැවැසුවේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්  කළ විමසුමකදිය. කුමාර වෙල්ගම මහතා මෙසේද කීය.  පසුගිය ජනාධිපතිවරණයේදී අපි කියපු දේවල් හරි ගියේ නැහැ. ඒක තමයි දේශපාලනයේ හැටි. කොහොම නමුත් ගෝට්ඨාභය රාජපක්ෂ මහතා ඉහළින්ම ජයග්‍රහණය කළා. මම ඒ ජයග්‍රහණයට හිස නමනවා. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සුබ පතනවා.

මොන දේ කළත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. මට වෙන පක්ෂවලට යන්නත් බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින ව්‍යාපාරයේ මම තවදුරටත් රැඳී සිටිනවා. පක්ෂය ඉදිරියටත් පොහොට්ටුව සමග ගියොත් මම ඊට සහාය දෙන්නේ නැහැ..  මම දැන් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. කාගෙන් හරි රටට හොදක් වෙනවා නම් හොඳ දේ අගය කරනවා. මේ දවස්වල මම වගා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබතුමා කතා කරන කොටත් මම ඒ කටයුතුවල යෙදිලයි හිටියේ. වගාව දැන් මට ලොකු සතුටක්. ඒ වගේ මානසික සුවයක් යැයිද ඔහු කීය.

-සුජිත් හේවාජුලියගේ-