https://www.gossiplankanews.com/2019/11/15-migrants-scholers.html
ධ්‍යයන කටයුතු සඳහා විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය
මණ්ඩල සාමාජිකයන් 519 කගෙන් රජයට රුපියල් අසූ තුන් කෝටි හැට එක් ලක්ෂයකට අධික මුදලක් අයවිය යුතුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවෙන්, (කෝප් )  පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කළ වාරිතාවක සඳහන් වෙයි.
එම වාර්තාව අනුව

අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 162කි. විදේශගත වීමට පෙර ඔවුන් විශ්වවිද්‍යාල බලධාරින් සමග ඇතිකරගත් බැඳුමිකර ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල තුනකට රුපියල් දාහතර කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් අයවිය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම කෝප් කමිටු වාර්තාවට ඇතුළත් වී ඇත්තේ විශ්වවිද්‍යාල 17ක් පිළිබඳව 2017 සිට 2018 දක්වා කරන ලද විමර්ශනවලට අදාළෙ තොරතුරයි. මෙම වාර්තාව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) විසින් මැතිසබයට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන දීමනා වෙනුවෙන් ද සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට දායක මුදල් ගෙවා ඇති බවත් ඒ ආයතනවලට මෙසේ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් පහළොස් කෝටි හතළිස් නව ලක්‍ෂයක් බවත් කෝප් වාර්තාවේ දැක්වෙයි.

යාපනය විශ්වවිද්‍යාලය 2014 සිට 2017 දක්වා කාලයේ දී කාර්ය මණ්ඩලයේ 138 දෙනකුට පර්යේෂණ ආධාර වශයෙන් රුපියල් පන් කෝටි අසූතුන් ලක්‍ෂයක් ගෙවා ඇතැයි

පෙන්වා දෙන කෝප් කමිටු චාර්තාව එම පර්යේෂණය අවසන් කිරීමේ ප්‍රගතිය දුර්වල මට්ටමක පැවැති බව ද සඳහන් කර ඇත.

මේ අතර ඉකුත් වසර හතරේ දී විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාර්ය සාධනය පහළ මට්ටමටෙ ගොස් තිබූ බවත් එම කාර්ය සාධනය 2013/2014 දී සියයට 45ක් ද 2014/2015 සියයට 43.7ක් ද 2015/2016 සියයට 42.6ක් ද 2016/2017 සියයට 43.1ක් ද 2017/ 2018 සියයට 38.7ක් ද වශයෙන් පැවැතුණ බවත් කෝප් කමිටුව පවසයි.

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු