ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වනවිට කරන ලද සමීක්ෂණයන්ට අනුව 60%කට වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (07දා) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා,
බුද්ධි අංශවල තොරතුරු සහ සමීක්‍ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 80% වඩා ඉහළ ප්‍රතිශතයක ඉන්නවා, එක්සත් ජාතික පක්ෂිය අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතළ පරාජයකට පත්වෙමින් සිටිනවා.


එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රහාරය සිදු කිරීමට මුදල් වැය කරමින් සිටිනවා.21 ප්‍රහාරයට මුල් වුණ නායකයා සහරාන්ගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා වීඩියෝවක් හදලා 13 වැනිදාට දාන්න සැලසුම් කරලා තියෙනවා.

ඒකෙන් කියන්න උත්සාහ කරනවා  සහරාන් ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා. හිස්බුල්ලා මහතා කියලා තිබුණා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙනවා කියලා. අපට කිසිදු දෙවැනි මනාපයක් අවශ්‍ය නෑ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැහැදිලිවම කිවිවා 21 ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙකුගේ සහාය මේ මැතිවරණයට අවශ්‍යය නෑ කියන එක. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිව්වලු සුළු ජාතීන්ගේ සහාය ඕන නෑ කියලා ප්‍රකාශයක් කළා කියලා. එතුමා කිසිදු එවැනි ප්‍රකාශයක් කරලා නෑ.

පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ සහ වතුකරයේ සුළු ජාතික ඡන්ද මේ රජය බලයට එන්න ලබා දුන්නා.

උතුරට දේශපාලන විසඳුම් දුනෙත් නෑ, වතුකරයේ ජනතාවගේ වැටුප වැඩි කළෙත් නෑ. ඒ නිසා උතුරෙත් වතුකරයත් ජනතාවගේ ඡන්දය මෙවර ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදෙන සූදානම් වෙලා සිටින අවස්ථාවක, ඒ ජනතාවගේ මතය වෙනස් කිරීම සදහා තමයි රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා මේ ප්‍රකාශය ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා නීතිය අධිපත්‍ය ගැන කතා කරනවා. ඒ නිසා එතුමාගේ මැතිවරණයට නායකත්වය දෙන සෑම නායකයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද එතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නෙ .

එහෙම නැත්නම් ඒ අයට මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න අමාරුයි.මේ සිද්ධිය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අරංචි වෙලා තියෙනවා. එම සිද්ධිය සිදු වුණ ගමන්ම එම ආරක්‍ෂක නිලධාරීන්ට ඒ වෙලාවෙම අධිකරණය ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය ඒ වෙලාවෙම එතුමා ඉදිරිපත් කරලා තියෙනවා.

මේ වෙනකොට පොලීසිය ඒ පිළිබඳ පරීකෂණ පවත්වගෙන යනවා. ගරු අමාත්‍යවරයාගෙත් මේ සිද්ධියට සම්බන්ධයක් තිබෙනවා නම් ඒ පිළිබඳ පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙන් පවසා සිටියි.

හැටන් - රංජිත් රාජපක්‍ෂ